Online ටෝකන් අංකයක් (Token Number) වෙන් කරවා ගන්න (Online OPD Booking)

21
Jul

By DGH Monaragala

Online ටෝකන් අංකයක් (Token Number) වෙන් කරවා ගන්න (Online OPD Booking)

මොනරාගල දිස්ත්‍රික් මහා රෝහලෙන් බාහිර රෝගී අංශයේ (OPD) ප්‍රතිකාර ලබාගන්න එන්න ඉන්න ඔබට කදිම ආරංචියක්! 😍🏥

දැන් ඔබට රෝහල් පෝලිමේ රඳවා නොසිට, කලින්ම දවසක් සහ ටෝකන් අංකයක් (Token Number) වෙන් කරවා ගන්න පුළුවන්. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ මේ සරල පියවර කිහිපය විතරයි:

1️⃣ මෙහි ඇති QR කේතය (QR Code) ස්කෑන් කරන්න. නැතහොත් https://www.eapp.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

2️⃣ එහි ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකයේ (NIC) අවසාන ඉලක්කම් 4, අදාළ රෝහල (මොනරාගල රෝහල District General Hospital Monaragala) සහ ඔබට පැමිණීමට අවශ්‍ය දිනය ඇතුළත් කරන්න.

3️⃣ ඉන්පසු 'Book appointment' යන්න ක්ලික් කරන්න.

4️⃣ ඔබේ නව OPD අංකය සහිත PDF ගොනුව (File) බාගත (Download) කරගන්න.

විශේෂ වාසිය:

මෙම PDF එක හෝ එහි සටහන් අංකය රෝහලේ OPD පෝලිමට පෙන්වීමෙන් ඔබට ප්‍රමුඛතාවය හිමිවන අතර, ඉතා ඉක්මනින් සහ පහසුවෙන් වෛද්‍යවරයා වෙත යොමුවීමට අවස්ථාව ලැබෙනවා. ✨

⚠️ මේ වන විට අන්තර්ජාලය හරහා දිනකට නිකුත් කරනු ලබන්නේ ටෝකන් පත් 30ක් පමණි. එබැවින් අදම ඔබේ දිනය වෙන් කරවා ගන්න!
https://www.facebook.com/share/p/1BvZdx8dGx/

Great news for anyone planning to visit the OPD at the District General Hospital, Monaragala! 😍🏥

You can now skip the long hospital queues by booking your date and OPD token number in advance online. Just follow these simple steps:

1️⃣ Scan the QR code or visit

2️⃣ Type in your name, the last 4 digits of your National Identity Card (NIC), select the hospital, and choose your preferred date.

3️⃣ Click on 'Book appointment'.

4️⃣ Download the PDF containing your newly assigned OPD number.

Why should you do this?

By simply showing this downloaded PDF at the OPD queue, you will get priority in line, allowing you to see the doctor much faster and easier! ✨

⚠️ Please note: For now, only 30 online tokens are issued per day, so make sure to book yours early!

Go Back Top